You are here
Home > HIGHLIGHTS > සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි !

සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි !


සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ  ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව සටහන් කිරීමට ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අද(27) සමත්විය. ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේදීය.

ඔහු ලකුණු 62 කට කඩුලු පහක් දවාගැනීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි. දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වෙන ඩීන් එල්ගාර්, ස්ටීවන් කුක්, හෂීම් අම්ලා, නායක ෆෆ් ඩු ප්ලෙසි හා කේෂාව් මහරාජ් දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය. 

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත් විය.

13285 256754


Comments

comments

Leave a Reply

Top