You are here
Home > LATEST NEWS > පොලිස් අවියෙන්ම පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි !

පොලිස් අවියෙන්ම පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි !


සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මීගමුව, කටාන ප්‍රදේශයේදී එක් සැකකරුවෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවකු පොලිස් නිලධාරියකු සතු ගිනි අවියක් පැහැරගෙන මෙලෙස වෙඩි තබා ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කටාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලීස් නිලධාරීන් දෙදෙනා මිගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ද පොලීසිය පවසයි.


Comments

comments

Loading...

Leave a Reply

Top