You are here
Home > CULTURE&ART > රාජ්‍ය නත්තල් උත්සවය 22 සවස මීගමුවේදී !

රාජ්‍ය නත්තල් උත්සවය 22 සවස මීගමුවේදී !


රාජ්‍ය නත්තල් උත්සවය මෙවර මීගමුව  මූලික කරගෙන පැවැත්වීමට සූදානම් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 22 දා සවස 4.00 ට මීගමුව මහවීදියේ සාන්ත මරියා දේවස්ථානයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් වේ.

‘කිතු උපතින් නැවුම්වන මිනිසත් බවට ඉඩදෙමු’ යන්න තේමාකොට ගෙන මෙවර නත්තල් උලෙළ පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය කැරොල් ගීත ප්‍රසංග, නත්තල් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීම, දහම් පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ තරග ජයග්‍රාහකයන්ට තිළිණ ලබාදීම ඇතුළු අංග රැසකින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.


Comments

comments

Leave a Reply

Top