You are here
Home > LATEST NEWS > පොලිස් අත්අඩංගුවේ සිටියදී 600 ක් මරුට !

පොලිස් අත්අඩංගුවේ සිටියදී 600 ක් මරුට !


2010 – 2015 කාල සීමාව තුළ ඉන්දියාවේ හයසියකට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇති බව ඇමරිකාව මූලස්ථානය කර ගත් හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

මෙම මරණ සම්බන්ධයෙන් එකඳු පොලිස් නිලධාරියෙකු හෝ වරදකරු කර නොමැති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් නිකුත් කරන ලද වර්තාවක දැක්වේ. රෝගාතුර වීම, පැන යාමට උත්සාහ කිරීම, සිය දිවි නසා ගැනීම සහ හදිසි අනතුරු අදාළ මරණවලට හේතු වී ඇති බව පොලිසිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ අත්අඩංගුවට පත් සැකකරුවන් වධහිංසාවට ලක් කිරීම එවැනි මරණ බොහොමයකට හේතු වී ඇති බවයි. පාපොච්චාරණය කිරීම සඳහා සැකකරුවන්ට පහර දීම පිළිගත නොහැකි බව ඉන්දියාවේ පොලිසිය ඉගෙන ගන්නේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරුවොත් පමණක් බව හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි සඳහන් කරයි.


Comments

comments

Loading...

Leave a Reply

Top