You are here
Home > LATEST NEWS > මැලේසියා අගමැතිගෙන් ජනපතිට ඉහළ පිළිගැනීමක් ! (Photos)

මැලේසියා අගමැතිගෙන් ජනපතිට ඉහළ පිළිගැනීමක් ! (Photos)


මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව අද (16) පෙරවරුවේ මැලේසියා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
 
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉතා අලංකාරවත් පිළිගැනීමේ උත්සවයක්  අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සංවිධානය කර තිබූ  අතර හමුදා උත්තමාචාර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
 
ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් මැලේසියා අග්‍රාමාත්‍යවරයා  රතු පලස මතින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබීය. 
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙද සහ ආර්ථීක සබදතා තවදුරටත් ඉහළ නංවමින් දෙරට අතර විදේශ රැකියා, තරුණ සංවර්ධන, සංචාරක, සංස්කෘතික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් 05 කට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා ඉදිරියේ අත්සන් තැබිණි. 
01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18

Comments

comments

Leave a Reply

Top