157
You are here
Home > CULTURE&ART > විවාහය ගැන බෞද්ධ,ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් හතර මොනවද කියලා තියෙන්නේ ?

විවාහය ගැන බෞද්ධ,ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් හතර මොනවද කියලා තියෙන්නේ ?


කසාදය එහෙමත් නැතිනම් විවාහය කියන දේ ආගම් වලට අනුව නොසලකා හරින්නට උවමනා වෙන එකක් නොවෙයි. මේකට හේතුව තමා අපි දන්නා සියලුම ආගම් තමන්ගේ දර්ශනය හෝ ඇදහීම හරහා  විවාහයට විශේෂිත ස්ථානයක් ලබාදී තිබීම.

මේ  නිසා ඒ මතිමතාන්තර මොන වගේද කියලා අදහසක් ගන්න, විවාහය ගැන ඔවුන් කියූ ඒ ධර්ම කාරණා මොන වගේද කියලා ඔබට මේ ලිපියෙන් දළ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

1. බුදු දහම

Religious view on marriage

බුදුදහම විවාහය කියන කාරණයේ හැම කොටසක් වටේටම බද්ධව පවතිනවා, බෞද්ධ අපි විවාහයන් පවත්වන්නේද, විවාහ චාරිත්‍ර කරන්නේද බුදුන් නැමදීමෙන් පසුවයි. ඒ වගේම බුදු දහමට අනුව අපි විවාහයේ චාරිත්‍ර විදි ඉටු කරගැනීමෙන් ධර්මයේ ආශිර්වාදය අපට ලැබෙන බව සමාජයේ විශ්වාසයක් තිබෙනවා. විවාහයට පෙර හෝ පසුව පාවා හිමි නමකගෙන් අවවාද අනුශාසනා ලබාගන්නට අපේ සමාජයේ බොහෝ දෙනෙක් පෙලඹී සිටින්නේ ඒ නිසයි.

නිසි වයසේදී දරුවන් විවාහ කර දීම ගැන සිඟාලෝවාද සූත්‍රයෙන්ද සාර්ථක යුග දිවියක් සහ ලෞකික ජීවිතයක් උදෙසා මහාමංගල සූත්‍රයෙන්ද බුදුන් වහන්සේ ධර්ම කරුණු දේශනා කොට තිබේ.

බුදු දහම කියන්නේ දුක, ඒ දුකට හේතුව සහ දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරදෙන දර්ශනයක්. නමුත් කිසිම තැනක ඔබ විවාහයෙන් මිදිලා ධර්මයෙන් හැසිරිය යුතුයි වගේ දරඳඩු නීති පනවා නැහැ.  සාර්ථක ලෙස විවාහ ජීවිතය ගත කල නකුල මාතා සහ නකුල පිතා යුවල “පරම විසසාසිකා” යන ගෞරවණීය නමින් බුදුන්ගේ ප්‍රශංසාවටද ලක්වීෙමෙන් එය වඩාත් තහවුරු වේ.

2. ඉස්ලාම් ආගම

Religious view on marriage

ඉස්ලාම් දහමට අනුව මිනිසා සහ ගැහැණිය අතර වන ලිංගික සම්බන්ධතාවක් හරහා දරුවන් ලබන්නට ලබාදෙන නීතිමය අවසරය විවාහය වෙන බවයි පැවසෙන්නේ. පාර්ශව දෙකක් අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට කරන සිවිල් ගිවිසුමකින් විවාහය ඉටු කරනු ලබනවා. ගිවිසුම මඟින් ගිවිසගත් ආකාරයට මනාලයා විසින් මනාලියට අදාල මංගල තෑගි පිරිනමන්නට අවශ්‍ය වෙනවා. විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාම ආගම ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙනවා.

“පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් පි‍්‍රය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”

(ශු. කුර්ආන් 4:19)

“සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.

(අල්-කුර්ආන් 4: 18)

3. හින්දු දහම

Religious view on marriage

හින්දු දහම තුල විවාහය කියන්නේ ජීවිත දෙකක් එකට ජීවත් වීම සඳහා ජීවිත කාලයකට ගිවිස ගැනීමකුයි. මේ සඳහා ඔවුන් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සිව් වේද කාරණා සැපිරිය යුතු වෙනවා. දෙදෙනෙකු සැමියා සහ බිරිඳ ලෙසින් එකතුවීම සහතික කල යුත්තේ නිතිය මඟින් වුවත් හින්දු දහම තුල විවාහය සඳහා හින්දුන්ටම අනන්‍ය වුනු චාරිත්‍ර වාරිත්‍ර පවතිනවා. එහිද විවාහය තුලින් සංකේත වත් වෙන්නේ දෙදෙනෙකුගේ එක්වීම විතරක් නෙවෙයි. පවුල් දෙකක එකතුවීම, පරම්පරා දෙකක එකතු වීම වගේ පුළුල් දැක්මක් මේ විවාහය ගැන ඔවුන්ට තිබෙනවා.

ඒ වගේම තමන්ගේ කේන්දර සටහන අනුව තමන් විවාහ වෙන්නට අවශ්‍ය වෙන්නේ කිනම් කාන්තාවක් සමඟද ඔවුන් සමග අනාගත ජීවිතය කුමන ආකාර වෙනවද කියන දේ ගැන කියන්නට හැකි බව විශ්වාස කරන නිසා සාමාන්‍යෙයන් හින්දු භක්තිකයින් වෙනත් ආගම් වලට වඩා තමන්ගේ කේන්ද්‍රය විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

4. ක්‍රිස්තියානි ආගම

Religious view on marriage

ක්‍රිස්තියානි සමාජයක විවාහය කියන්නේ පුජනිය කර්තව්‍යක් වෙනවා. ඔවුන් එය Holy Matrimony ලෙසින් හඳුන් වන්නේ අන්න ඒකයි. කාන්තාවක සහ පිරිමියෙකු ජීවත් වීම සඳහා යම් එකඟතාවකින් කටයුතු කරයි නම්, ඔවුන් තමන්ගේ පවුල් ජීවිතය තුල සැමියා සහ බිරිඳ ලෙසින් යුතුකම් ඉටු කරන්නට කැමැත්තක් ඇතිනම්, එම ඒකාත්මික වීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය හිමි වන බව ක්‍රිස්තියානි ආගමේ කියවෙනවා.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිත කාලයක් පුරාවට විවාහය පවත්වාගෙන යාමේ වැදගත් කම ඔහුගේ ඉගැන්වීම වල පෙන්වා දෙනවා, දෙවියන් විසින් පිරිමියා සහ ගැහැණිය මැවීම සහ ඔවුන් දෙදෙනා එකම ලෞකික ජීවිතයක් වීම ගැන ක්‍රිස්තියානි ආගමේ කියා දෙනවා. විවාහ පොරොන්දුවක් වූ තැන පටන් දෙදෙනෙකු නොව එකෙකු ලෙසින් ජීවිතය දැකීම සුදුසු බව සහ ඔවුන්ව දෙවියන් විසින් එකතු කරනු ලබන්නේ යලි වෙන් නොකරන ලෙසට බව ක්‍රිස්තියානි ආගමේ සඳහන්.

Aniwa.lk


Comments

comments

Leave a Reply

Top