You are here
Home > LATEST NEWS > දුම්රියේ ගැටලු විසඳන්න ඇමතිගෙන් සාකච්ඡාවක්

දුම්රියේ ගැටලු විසඳන්න ඇමතිගෙන් සාකච්ඡාවක්


දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විශේෂ සාකච්ඡාවක් ලබාදී ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.

එහි ලේකම් සම්පත් රාජිත මහතා ප්‍රකාශ කළේ තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා වෘත්තිය සමිතිවලට සාකච්ඡා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ද අවධානය යොමු වූ බවයි.

ඒ අනුව ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ සාකච්ඡාවේදී දුම්රිය වෘත්තිය සමිතිවලට බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ස්ථීර විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.


Comments

comments

Loading...

Leave a Reply

Top