You are here
Home > DEVELOPMENT > “සුපිළිපන් පාලනයක්” දූෂණ විරෝධී ජාතික සමුළුව (Photos)

“සුපිළිපන් පාලනයක්” දූෂණ විරෝධී ජාතික සමුළුව (Photos)


අන්තර්ජාතික දූෂණ විරෝධි දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත “සුපිළිපන් පාලනයක්” තේමාව යටතේ සංවිධානය කෙරුණු දූෂණ විරෝධි ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
 
මෙහි ප්‍රධාන සැසිය “මැතිවරණ ප්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය” මැයෙන් පැවැත්වුණු අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙහෙයවන ලද එම සැසියට ජනාධිපතිතුමා ද සහභාගී විය.
 
දූෂණ විරෝධි ජාතික සමුළුවට සමගාමීව සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් වූ අතර මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිළධාරින් සහ සිවිල් ක්‍රියාකාරීන් 800 කට ආසන්න පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.
01 02 03 04 05 06 07 08 09 10 11 12

Comments

comments

Loading...

Leave a Reply

Top