You are here
Home > CULTURE&ART > පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමට උපරිම පියවර – සීගිරියටත් CCTV !

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමට උපරිම පියවර – සීගිරියටත් CCTV !


ලෝක උරුමයක් වන සීගිරිය ආරක්ෂා කිරීම සඳහා CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට වැඩපිළිවෙලක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ සඳහා වන කැමරා සවි කිරීමේ වැඩපිළිවෙල ප්‍රසම්පාදන මට්ටමේ පවතින බවද සීගිරිය විනාශ කිරීමට කිසිවිටෙක ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම සීගිරිය නැරඹීමට මේ වනවිටත් ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන ආරාක්ෂා කිරීමට උපරිම පියවර ගෙන තිබෙන බවත් පුරාවිද්‍යා ප්‍රධාන වැඩබිම් සඳහා මුරකරුවන්ද යොදවා තිබෙන බවද සඳහන් කර සිටියේය.


Comments

comments

Leave a Reply

Top