70
You are here
Home > CULTURE&ART > දිළින්ඳන්ගේ ගෙදර බත් ඉදෙන දාට නත්තලයි – අනවශ්‍ය වියදම් එපා !

දිළින්ඳන්ගේ ගෙදර බත් ඉදෙන දාට නත්තලයි – අනවශ්‍ය වියදම් එපා !


ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසද අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියි.

ඊයේ(06) කොළඹ පිහිටි අගරදගුරු නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවද පවසා සිටියේය.

ගාලුමුවදොර පිටියේ ඉදිවන ලොව උසම නත්තල් ගස යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇත.

අර්ජුන රණතුංග සමාජ සත්කාර පදනමේ මුලිකත්වයෙන් ඉදිවන මෙම නත්තල් ගස නිම කිරීමට වරාය අධිකාරියේ සේවකයින් 70 දෙනෙකුගේ පමණ ස්වෙච්ඡා ශ්‍රම දායකත්වය ලැබී තිබේ.

එහි සංවිධායකයින් පවසන්නේ මෙම නත්තල් ගස ඉදිකිරිම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න මුදලක් වැය වන අතර, ඒ සදහා මුදල් විවිධ සංවිධාන සහ ආයතනවලින් ආධාර වශයෙන් ලැබෙන බවයි.


Comments

comments

Leave a Reply

Top