You are here
Home > CULTURE&ART > ආගමික සංහිඳියාව ගොඩනැගීමට විශේෂ ක්‍රියාකාරී කමිටුවක් !

ආගමික සංහිඳියාව ගොඩනැගීමට විශේෂ ක්‍රියාකාරී කමිටුවක් !


ආගමික සංහිඳියාව ‍ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. ආගමික සංහිඳියාව පිළිබඳ සර්ව ආගමික නායකයින් සමග ඊයේ(06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කමිටුව පත්කොට තිබේ.

සියලු ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණකාලීනව කටයුතු කිරීම මෙම කමිටුවේ අරමුණ වී තිබෙන අතර බුද්ධ ශාසන, ක්‍රිස්තියානි හා හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් නම් කරනු ලබන විශේෂ නියෝජිතයින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් රට තුළ මතුව ඇති ගැටලුවලට අන්තර් ආගමික මණ්ඩලයක් මගින් විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.


Comments

comments

Leave a Reply

Top