82
You are here
Home > LATEST NEWS > සමුද්‍ර ආරක්ෂාව පිළිබද “ගාලූ කථීකාව” ඇරඹෙයි !

සමුද්‍ර ආරක්ෂාව පිළිබද “ගාලූ කථීකාව” ඇරඹෙයි !


ශ්‍රී ලංකා නාවික හමුදාව 7 වැනි වරටත් සංවිධානය කරනු ලබන “ගාලූ කථීකාව” අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය – 2016 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(28) කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී ආරම්භ කෙරිණි.
රටවල් 40 ක මෙන්ම අන්තර්ජාතික සංවිධාන 12 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර කථීකාවේ තේමාව වී ඇත්තේ “උපායමාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” යන්නයි.
මෙම කථීකාව අද සහ හෙට ගාලූ මුවදොර හෝටලයේ දී පැවැත්වෙයි.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ද විදේශ රටවල් රැසක නාවික හමුදා ප්‍රධානිහු ඇතුළු නියෝජියින් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
01 02 03 04 05 06

Comments

comments

Leave a Reply

Top