You are here
Home > PHOTO GALLERY > විප්ලවීය නායකයාගේ දිවිමග සේයා රූ !

විප්ලවීය නායකයාගේ දිවිමග සේයා රූ !


අනූ වසරක ජීවිත කතාවක පනස් වසරක දේශපාලන මතක සටහන් රැගත් සේයා රූවලියකි මෙහි දැක්වෙන්නේ.

කැස්ත්‍රෝ සිය විප්ලවීය සගයා චේ ගුවේරා සමග

කැස්ත්‍රෝ සිය විප්ලවීය සගයා චේ ගෙවාරා සමග

The caption describing Fidel Castro in his 1945 high school yearbook reads: "Distinguished student and a fine athlete. Very popular. Will study law and we have no doubt he will have a brilliant future."

තරුණ කැස්ත්‍රෝ: 1926 වසරේ උපත ලද ෆිදෙල් කැස්ත්‍රෝ ගේ පියා ධනවත් උක් වගා හිමිකරුවෙකි. කැස්ත්‍රෝ තරුණ වියේදීම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයට එක්විය.

Cuban revolutionary leader Fidel Castro spekas to supporters Jan. 8, 1959 at the Batista military base Columbia, now known as Ciudad Libertad

අසාර්ථක කුමන්ත්‍රණ ප්‍රයත්නයකින් අනතුරුව දෙවසරක් සිරගත කෙරුණු කැස්ත්‍රෝ රටෙන් පිටව මෙක්සිකෝවට ගියේය. 1956 සිය රට බලා නැවත පැමිණි ඔහු බැටිස්ටා පාලනය පෙරලා 1959 වසරේදී කියුබාවේ පාලන බලය දිනා ගත්තේය.

Fidel Castro jumps from a tank as he arrives at Giron, Cuba, near the Bay Of Pigs

1961 – කැස්ත්‍රෝ පාලනය පෙරලා දැමීමට ‘Bay of Pigs’ කරා ළඟා වූ 1500 පමණ කියුබානුවන්ට එරෙහිව කැස්ත්‍රෝ සටන් වැදුනි. එම කණ්ඩායමට ඇමරිකානු රහස් ඔත්තු අංශවල සහයෝගය ලැබුණි.

President John Kennedy in the dramatic showdown over missile bases in Cuba Nov. 1, 1962

1962 – කියුබාවේ ස්ථාපිත කොට තිබූ සෝවියට් මිසයිල ඉන් ඉවත් කරන ලෙස එවකට ඇමරිකානු ජනාධිපති කෙනඩි අනතුරු ඇඟවිය.

Fidel Castro shown in file photo dated May 1963 holding the hand of Soviet leader Nikita Khrushchev during an offical visit to Moscow

සෝවියට් නායක නිකිතා කෘශොෆ් සහ කැස්ත්‍රෝ විසින් කියුබාවේ ස්ථාපිත කොට තිබූ මිසයිල ඉවත් කරගනු ලැබිණි.

Fidel Castro takes his turn at bat during a baseball game held at a teachers school in the Sierra Maestra area of Cuba

1962 – ෆිදෙල් කැස්ත්‍රෝ බේස්බෝල් ක්‍රීඩාව කෙරෙහි විශේෂ ලැදිකමක් දැක්විය.

Cuban President Fidel Castro addresses the Confederation of Cuban Workers union (CTC) 28 January 1990 in Havana

කියුබාවේ බොහෝ ලිබරල්වාදීන් විසින් කැස්ත්‍රෝ සලකනු ලැබුවේ පීඩාකාරී ඒකාධිපති පාලකයකු ලෙසය.

Castro in his office in Havana looking at photographs of the 1959 uprising.; Copyright Burt Glinn / Magnum Photos

කෙසේනමුත් කියුබානු ජනතා සහාය ලබා ගැනීමට සමත්වූ කැස්ත්‍රෝ ලොව දීර්ඝතම කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයන් අතුරින් අයෙකි.

Former Cuban leader Fidel Castro listens during a meeting with his brother Cuban President Raul Castro and Venezuela's President Hugo Chavez in Havana, 18 June 2008.

2006 වසරේදී සෞඛ්‍ය හේතු මත කැස්ත්‍රෝ ජනාධිපති ධුරයේ වැඩකටයුතු සිය බාල සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ වෙත පැවරූ අතර වසර දෙකකට පසු ජනාධිපති ධුරයෙන් ඉවත් විය.

2015 - කියුබාවේ සංචාරයක නිරත වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්වහන්සේ සහ කැස්ත්‍රෝ හමුව

2015 – කියුබාවේ සංචාරයක නිරත වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්වහන්සේ සහ කැස්ත්‍රෝ හමුව

BBC

Comments

comments

Loading...

Leave a Reply

Top