79
You are here
Home > LATEST NEWS > ගාල්ල ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි ! (Photos)

ගාල්ල ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි ! (Photos)


ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ(26) ගාල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බවත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග‍්‍රහණය කළ පක්ෂයක් හෙයින් එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.
 
ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්, සියලූම ප‍්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය. 
වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සදහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4,012 ක මුදල් අක‍්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කර සිටියේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග‍්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
එහිදී පක්ෂය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීම සංකේතවත් කරමින් සමාජික කාඩ්පත් ප්‍රදානය කිරීමද සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
01 02 03 04 05 06 07 08 09 10 11 12

Comments

comments

Leave a Reply

Top