109
You are here
Home > LATEST NEWS > 22(හෙට) න් පසු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් !

22(හෙට) න් පසු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් !


මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය මේ මස 22 වන දිනෙන් පසු ක්‍රමක්‍රමයෙන් අඩුවී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන නිසා අද(21) දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සසින්තා ජයසේකර මහත්මිය පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක්ද ඇතිවිය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, නැගෙනහිර හා ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද ජයසේකර මහත්මිය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, සමහර අවස්ථාවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් 80 ක් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් නිවේදනය කරයි.


Comments

comments

Leave a Reply

Top