433
You are here
Home > LATEST NEWS > අගමැති ඉල්ලා අස්වන ලකුණු – ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා !

අගමැති ඉල්ලා අස්වන ලකුණු – ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා !


අගමැති නජීබ් රසාක්ට ඉල්ලා අස්වන ලෙස  බලකරමින් දහස් ගණනක් ජනතාව මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර්හි දී වීදි බැස විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා සම්බන්ධ බවට කියැවෙන මුල්‍ය වංචා සහ දුෂණ මුල්කරගනිමින් විරෝධතා ආරම්භවී තිබේ. තමා කිසිදු වරදක් සිදුකර නැති බව අගමැති රසාක් පවසන අතර මානව හිමිකම් සම්බන්ධ කණ්ඩායම් පවසන්නේ ඔහුට එරෙහි දෝෂාරෝපණ එල්ලකරන්නන් බියගැන්වීමට අගමැතිවරයා කටයුතු කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පොලිස් මාර්ග බාධක නොතකා ගමන්කොට තිබෙන අතර බෙරගසමින්, ගායනා කරමින් සහ උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතාකරුවෝ නගර මධ්‍යය වෙත ගමන්කර තිබේ.

මෙම ජනරැළිය නීතිවිරෝධී බවට පොලීසිය විසින් නිවේදනය කළ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශකොට ඇත්තේ හත්දහසකට වැඩි පොලිස් භට කණ්ඩායම් විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට යවා තිබුණු බවයි. විරුද්ධපක්ෂ දේශපාලන නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.


Comments

comments

Leave a Reply

Top