105
You are here
Home > LATEST NEWS > ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට !


සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් විය. එ් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 154 කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර යාමට සමත් විය.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 78 ක් ලබාගැනීමට සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 41 ක් රැස් කිරීමට සමත් විය.

හරාරේ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරනු ලැබූ අතර ඔහු නායකත්වය ලබා දුන් ප්‍රථම තරගයද මෙය විය.


Comments

comments

Leave a Reply

Top