231
You are here
Home > LATEST NEWS > නව තානාපතිවරු සිව්දෙනෙක්, මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති !

නව තානාපතිවරු සිව්දෙනෙක්, මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති !


ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සිවිදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ඊයේ(14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
 
යුක්රේනය, භූතානය, ඉතියෝපියාව සහ තජිකිස්තානය සදහා තානාපතිවරුන් ද දකුණු අප්‍රිකාව, සහ සීෂෙල්ස් රාජ්‍යයන් සදහා මහ කොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටින අතර ඔවුන්ගේ නම් පහත වේ.
 
01 Mr. Igor Polikha – Ambassador – designate of Ukraine
 
02. Ms. Robina P. Marks – High Commissioner – designate of the Republic of South Africa
 
03. Mr. Sonam Tobden Rabgye – Ambassador – designate of the kingdom of Bhutan
 
  04. Mr. Asfaw Dingamo Kame  -Ambassador – designate of the Federal Democratic Republic of  Ethiopia
 
05. Mr. JONONOV Sherali – Ambassador – designate of Republic of Tajikistan
 
06. Mr. David Claude Pierre – High Commissioner – designate of the Republic of Seychelles
 
මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝ්න් මහතා ද එක්විය.
1 2 3 4 5 6 7

Comments

comments

Leave a Reply

Top