You are here
Home > LATEST NEWS > ”ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ” නමින් නව පක්ෂයක් ලියාපදිංචි වෙයි !

”ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ” නමින් නව පක්ෂයක් ලියාපදිංචි වෙයි !


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ. පසුගිය බ‍්‍රහස්පතින්දා නව පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය සදහා ඉදිරිපත් කොට ඇති අතර අදාල පක්ෂය ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිසම මගින් නෙලූම් මාවත මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.

වාර්තාවන අන්දමට නව පක්ෂය ‘‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ” ලෙසත් එහි ලකුණ නෙලූම් පොහොට්ටුව ලෙසත් ලියාපදිංචි කොට තිබෙන අතර එහි සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කර තිබේ.

වාර්තාවන අන්දමට නව පක්ෂය එළඹෙන 19 වනදා අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිතව තිබේ.


Comments

comments

Leave a Reply

Top