114
You are here
Home > LATEST NEWS > ටිරාන් අලස් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !

ටිරාන් අලස් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !


උතුරු – නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද(02) නියෝග කළාය.

රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි රාඩා හි හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු වන එමිල්කාන්තන්, රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමතුංග සහ අාචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ යන අයද  ටිරාන් අලස්  සමඟ රිමාන්ඩ් කර තිබේ.

පොලිස්  විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ වලින් පසුව ඔවුන්ට විරුද්ධව නිතිපති විසින් අධි චෝදනා ගොනුකොට තිබෙන අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු පැවත්වේ.


Comments

comments

Leave a Reply

Top