125
You are here
Home > LATEST NEWS > ටිපර් රථය දෙදෙනෙකුට මරු කැඳවයි

ටිපර් රථය දෙදෙනෙකුට මරු කැඳවයි


නානුඔය ග්ලර්ස්ටන් වතුයාය ප්‍රදේශයේදී ටිපර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.තවත් හත් දෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

නානුඔය කැල්සිමාඑළිය ප්‍රදේශයේ එළවළු කොටුවක සේවයට ගොස් පැමිණෙමින් සිටි පිරිසක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බව නානුඔය පොලීසිය සඳහන් කළා. මිය ගිය පුද්ගලයන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Comments

comments

Leave a Reply

Top