You are here
Home > LATEST NEWS > හිටපු ඇමති බැසිල් සහ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ජනපති කොමිසම හමුවට

හිටපු ඇමති බැසිල් සහ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ජනපති කොමිසම හමුවට


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත කැදවා තිබෙනවා. හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ද කොමිසමට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටිනබව වාර්තා වනවා. උඩරට සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් පවතින්නේ. එම අධිකාරිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් බැවින් හිටපු විෂය භාර අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම කටයුතු කර තිබෙනවා.

මේ අතර හිටපු පොලිස්පති මහින්ද බාලසුරියද ජනාධිපති කොමිසම වෙත කැදවා තිබෙනවා. ඒ පසුගිය රජය සමයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් රජයට එක්වීමේදී මන්ත්‍රිවරුන් නොවන පිරිසකට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහායි.


Comments

comments

Leave a Reply

Top