You are here
Home > LATEST NEWS > විදුලි බිල වැඩි කරන්න අවශ්‍ය නෑ.

විදුලි බිල වැඩි කරන්න අවශ්‍ය නෑ.


විදුලි බිල ඉහල නැංවීමේ දැඩි අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටිනවා.

එහි අධ්‍යක්ෂක ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා කියා සිටියේ වර්ථමානයේ පවතින ගාස්තු මේ වසරේ අවසානය දක්වාම පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවයි.

කෙසේ වෙතත් මාස 06ට එක් වරක් විදුලි බිල ඉහළ නැංවීමට අවශ්‍ය යෝජනා අනුව විදුලි බිල ඉහළ නංවන ලෙස ලංකා  විදුලිබල මණ්ඩලය තම කොමිසම වෙත දැනුම්දී ඇති බව ද ඔහු සඳහන් කළා.

සියලුම ක්ෂේත්‍ර සඳහා 5%ක විදුලි ගාස්තු වැඩිවිමක් විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලුම් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියා.

ඒ අනුව මේ පිළිබඳව විදුලිබල අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බව ඔහු සඳන් කළා.

ඒ අනුව විදුලිබල අමාත්‍යංශයයේ තීරණය මත ඉදිරියේදී විදුලි බිල අඩුකිරීම හෝ වැඩි කිරිම  තීරණය කරන බව හෙ‍තෙම වැඩිදුරටත් කියා සිටියා.


Comments

comments

Loading...

Leave a Reply

Top