You are here
Home > LATEST NEWS > දුම්වැටියක මිල රු. 50 දක්වා ඉහළට !

දුම්වැටියක මිල රු. 50 දක්වා ඉහළට !


දුම්වැටියක මිල රුපියල් පනහේ සීමාවට පැමිණෙනු ඇති බව වාර්තා වේ. ඒ, දුම්වැටියක් මත සියයට 15 ක වැට් බද්දක් පැනවිමට සහ දැනට පවතින නිෂ්පාදන බද්ද රුපියල් 05 කින් ඉහළ නැංවිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තීබීමත් සමගයි.

මේ අනුව රුපියල් 05 කින් දුම්වැටියක මිල ඉහළ යන අතර ඒ මත සියයට 15 ක වැට් බද්දක්ද පැනවේ. මීට අමතරව, බීඩි කොළ ආනයනයේදී රුපියල් දෙදහසක දැනට පවතින සෙස් බද්ද රුපියල් 3,000 දක්වා ඉහළ නැංවිමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සලකා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය මෙම තීරණවලට එළඹ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


Comments

comments

Loading...

Leave a Reply

Top