193
You are here
Home > DEVELOPMENT > ලංකා ගමනා ගමන මන්ඩලය සඳහා කුඩා බස් රථ 250ක්

ලංකා ගමනා ගමන මන්ඩලය සඳහා කුඩා බස් රථ 250ක්


ලංකා ගමනා ගමන මන්ඩලය සඳහා කුඩා බස් රථ 250ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

ඉන්දීය ණය යෝජනා යටතේ එන්ජින් කට්ටල 500ක් ආනයන  කර බස් රථ සඳහා යෙදවීමට සහ අබලන් බස් රථ 1000ක් අළුත්වැඩියා කිරීමටත් සැලසුම් කර ඇතැයි ඇමති වරයා සඳහන් කරා.

ලංකා ගමනාගමන මණ්ඩලය බාරගත් පසු මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයකට වාසිවන අයුරින් කටයුතු නොකළ බවත්, කිසිදු දේශපාලන පක්ෂයකට නොමිලයේ  ලංගම බස්රථ ලබානොදෙන බවත් පැවසූ ඇමතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් වැඩබාරගැනීමෙන් පසු මේ දක්වා ලංගමයට කිසිදු සේවකයෙකු බඳවා නොගත් බවත් අමාත්‍යවරයා සඳහන් කරා.

ලංගම සේවකයන්ට අර්ථසාධක අරමුදල් නොගෙවීමේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කළ බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා මහතා කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවා ඇති නඩු සිය ගණනක් වෙනුවෙන් රුපියල් මිලියන 386ක් ගෙවීමටද හැකි වූ බවත්, මේ වසර අවසන්වීමට  පෙර ඉතිරි මුදල්ද ගෙවා අවසන් කරන බවත් සඳහන් කරා.


Comments

comments

Leave a Reply

Top