322
You are here
Home > EDUCATION > පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ උපන් දිනය අදයි

පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ උපන් දිනය අදයි


පරිපාලකයෙක්,අධ්‍යාපන සේවකයෙක්,නීතීඥයෙක්,දේශප්‍රේමියෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා ගේ උපත කොළඹ දී සිදුවුනා 1853 සැප්තැම්බර් 14 වනදා වර්ෂ 1875 දී සිවිල් සේවයට පත්වූ ඔහු සිවිල් සේවයට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසත් ඉතිහාසයට එකතු වුනා.නඩු කාරයෙකු ලෙසත් කටයුතු කල පොන්නම්බලම් අරුනාචලම් මහතා විසින් මෙහෙයවන ලද ඓතිහාසික නඩු තීන්දුවක් වූයේ ආදිකුල සන්නස් තීන්දුවයි.නඩු වාර්තා සංග්‍රහයේ ප්‍රසිද්ධ මෙම නඩුව තුලින් මෙරට ජනතාවගේ ඉපැරණි ඉඩම් බුක්තිය හා මුඩු ඉඩම් ආඥඥා පනත හරහා සිදුවන ජීවිත හානිය ගැනත් ප්‍රකාශ කර ඇත.
ඔහු විසින් රචනා කර ග්‍රන්ත අතර නීති ක්ශේත්‍රයේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකෙන ලංකාවේ සිවිල් නීති සංග්‍රහය ග්‍රන්තය හඳුන්වන්නට පුළුවන්.
සිංහල මරක්කල ගැ‍ටුමේදී සිංහලයාට ඇතිවූ අසාධාරණය ගැන ඔහු දෙමළ ජාතිකයෙකු වූවද කොම්සමක් පත්කරන ලෙස යටත් විජිත ආණ්ඩුවට බල කරා.
ස්වරාජ සංකල්පයේ සිටි ඔහු  නිදහස් සටන වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කලා.


Comments

comments

Leave a Reply

Top