You are here
Home > LATEST NEWS > මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගලවාගැනීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය – ජනපති (Video)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගලවාගැනීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය – ජනපති (Video)


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් ඉතාමත් අගය කරන බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි අනුග්‍රහය උපරිමයෙන් ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(12) මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කොට සමාජ ගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, මිතුරු මිතුරෝ සංසදය, සංවිධානය කොට තිබූ අමද්‍යපික සම්මාන උළෙලට සහභාගී වෙමිනි.  මෙම සම්මාන උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 
 
”මිතුරු මිතුරෝ සංසදයේ, සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කෙරුණු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක සහ ජාත්‍යන්තර පුහුණුකරු රොෂාන් මහානාම මහතා වෙත එම පත්වීමට අදාළ ලිපිය භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ තරුණියන් නිදහස් කර ගැනීමට පුරෝගාමී වූ අයට උපහාර සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
”මිතුරු මිතුරෝ සංසදයේ, නිර්මාතෘ පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් ”අමත මත තනන තැන” කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
 1 2 3 4 5 6 7 8 9 10 11

 


Comments

comments

Leave a Reply

Top