370
You are here
Home > LATEST NEWS > අද(28) සිට ලබන 07 වනදා දක්වා ලංකාවට ඉර මුදුන්වේ

අද(28) සිට ලබන 07 වනදා දක්වා ලංකාවට ඉර මුදුන්වේ


ඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කරන හෙයින් අද(28) සිට  සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අාසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතියි. අද දහවල් 12.12 ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.

මේ අතර දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ වල තරමක් තද සුළං (පැ.කි.මී.50-60 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ අනෙකුත් පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි  හෝගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


Comments

comments

Leave a Reply

Top