299
You are here
Home > HELTH > ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්


ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ ගාලූ මුවදොර හෝටලයේ දී පැවැත්විණි.
 
ළමා රෝග හදුනා ගැනීමට සහ රෝග නිවාරණය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් ඇගයීම වෙනුවෙන් මහාචාර්ය ආසිරි ගුණවර්ධන මහතාට, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අමිත් ගුප්තා මහතාට සහ වෛද්‍ය ශ්‍රීනිකා කුලරත්න මහත්මියට ජනාධිපතිතුමා අතින් මෙහිදී සම්මාන පිරිනැමීය.
 
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රම්‍යා ද සිල්වා, ලේකම් වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු එම සංගමයේ වෛද්‍යවරුන් පන් සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ

Comments

comments

Leave a Reply

Top