121
You are here
Home > DEVELOPMENT > ඩිජිටල් තාක්ෂණයෙන් පිබිදෙන නව්‍ය හෙටකට පෙරමග අරුණලු

ඩිජිටල් තාක්ෂණයෙන් පිබිදෙන නව්‍ය හෙටකට පෙරමග අරුණලු


ඩිජිටල් තාක්ෂණයෙන් සවි බල ගැන්වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ක්‍රියාන්විතයේ දී සමස්ත පාසල් පද්ධතිය සහ ශිෂ්‍ය ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව්‍ය දැනුම සහ නවෝත්පාදන අවස්ථාවන් පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍ය සමාජ සවි බල ගැන්වීමේ වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර එහි සමාරම්භක වැඩසටහන උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් 2016 ජුලි මස 26 හා 27 දෙදින තුළ පහත පරිදි පවත්වන්නට යෙදිණි.
දිනය ස්ථානය  සහභාගිත්වය
2016/07/26 හිගුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් 15 ක්
2016/07/27 ජාතික යොවුන් නිකේතනය, අනුරාධපුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 15 ක්

පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍ය සමාජ ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම තුළින් වඩාත් පුළුල් හා තිරසාර ලෙස මෙම ප්‍රතිලාභ සමස්ත පාසල් ප්‍රජාව වෙත දායක කිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICT Agency) එක් ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන සඳහා පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍ය සමාජ ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යනු ලබන පාසල්වල විදුහල්පති හා තොරතුරු තාක්ෂණ ගුරුභවතා ඇතුළු ව ශිෂ්‍ය සමාජ ක්‍රියාකාරී සිසුන් සිව් දෙනකුගේ සහභාගිත්වය සිදු වූ අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් ව ක්‍රියාත්මක වූ වැඩමුළු ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් පැවැත්විණි.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර සමීර ජයවර්ධන මහතා, ව්‍යාපෘති සහකාර තිලිණ දිසානායක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එම්.නීල් ගුණදාස මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.ටී.දික්කුඹුර මහත්මිය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.පී.රුක්මලී මහත්මිය විසින් ලබා දෙන ලදි.

579f185bb536c 579f186b72440 579f186f914fa 579f187b25e88 579f1876bca9c 579f1883ab006 579f1884a1cb3 579f18745f156 579f1868910d6 579f1869983c7 579f1871613eb 579f1874443b5 579f186470338


Comments

comments

Leave a Reply

Top