201
You are here
Home > LATEST NEWS > දූෂිතයන්ට එරෙහිව නීතිපති නිවැරදිව ක්‍රියාකළ යුතුයි

දූෂිතයන්ට එරෙහිව නීතිපති නිවැරදිව ක්‍රියාකළ යුතුයි


ඒකාබද්ධ විපක්ෂය විසින් එළිදක්වන ලද ඡායා කැබිනෙට්ටුව පිළිබඳ වෘත්තිය නීතිවේදීන්ගේ අදහස මාධ්‍ය වෙත අනාවරණය කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද(11) කැඳවා තිබුණි. එය සංවිධානය කොට තිබුණේ ”ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයින්” විසිනි. එහිදී අදහස් දැක්වූ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ හොරු ආරක්ෂා කාරීමට නීතිපතිතුමා ද කටයුතු කරන්නේ නම් එතුමාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් ආඥාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.  පොදු ජනතාවගේ මුදල් ගසා කෑ දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන ලෙස, ජනතාවගේ මුදලින් පඩි ගන්නා එතුමාගෙන් ඉල්ලා සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය. 


Comments

comments

Leave a Reply

Top