46
You are here
Home > DEVELOPMENT > දියර කිරි ප්‍රචලිත කිරීමේ තරග ජයගත් සිසුන්ට තිළිණ ප්‍රදානය කෙරේ

දියර කිරි ප්‍රචලිත කිරීමේ තරග ජයගත් සිසුන්ට තිළිණ ප්‍රදානය කෙරේ


දියර කිරි සහ කිරි නිෂ්පාදන පාරිභෝජනය පාසල් සිසුන් අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වන ලද ගද්‍ය, පද්‍ය, ලාංඡන සහ රූපවාහිනි අත් පිටපත් හා චිත‍්‍ර තරගාවලියේ ජයග‍්‍රාහක, ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජයග‍්‍රාහක සිසු සිසුවියන් වෙත සංකේතාත්මකව තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

දියර කිරි සහ කිරි නිෂ්පාදන පාරිභෝජනය පාසල් දරුවන් අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ,කිරෙන් සපිරි දැයක්, තේමාව යටතේ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Comments

comments

Leave a Reply

Top