103
You are here
Home > LATEST NEWS > මාමා වෙන්දේසියේ දානව. බෑණා වෙන්දේසියෙන් බැඳුම්කර ගන්නව. මේකද යහපාලනය? – දුමින්ද නාගමුව –

මාමා වෙන්දේසියේ දානව. බෑණා වෙන්දේසියෙන් බැඳුම්කර ගන්නව. මේකද යහපාලනය? – දුමින්ද නාගමුව –


 

 

පසුගිය ජනවාරි 08 වන දා මේ රටේ සිවිල් සමාජය රට ඉදිරියට ගෙනාව මූලික සටන් පාඨ දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු. අනෙක යහපාලනය ස්ථාපිත කරනු. පසුගිය අවුරුදු එකහමාරක ආණ්ඩු භාවිතාව ඇතුලෙ යම් කිසි ආකාරයකට මේ සටන් පාඨ දෙකම අබියෝගයට ලක්වෙලා තිබෙන අවස්තාවක් උදාවී ඇති බව දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(15) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ‘‘මහා භාණ්ඩාගාරය බේරා ගනිමු. මහ බැංකු අධිපති ගෙදර යවනු“ මැයෙන් දූෂණ විරෝධී පෙරමුණ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණය අමතමිනි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ ප්‍රශ්නය මේ ආණ්ඩුවේ පළමු දෙදරායාමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ පරීක්ෂණ අනුව කිසිම වංචාවක් සිදු වී නොමැති බවයි.

වාර්තා සෙල්ලම් අපිට පෙන්නන්න එපා කියල අපි ආණ්ඩුවට කියනව. මොකද තාජුඩීන්ගේ මරණය පිළිබඳ ආණ්ඩු දෙකේ තියෙන්නෙ මරණ වාර්තා දෙකක්. මේ ආණ්ඩුවත් මාරු වුණ ගමන් අපට බලාගන්න පුළුවන් බැඳුම්කර නිකුතුවේ නියම වාර්තාව.

මේ මාමගෙයි බෑණගෙයි කෙරුවාව කාට වුණත් වැටහෙන දෙයක්. මාමා වෙන්දේසියේ දානව. බෑන වෙන්දේසියෙන් බැඳුම්කර ගන්නව. මේක දැන දැනත් මොකද්ද මේ යහපාලනය ගෙන යන ක්‍රියා පිළිවෙත කියල අපි ප්‍රශ්න කරනව.

කෝ යහ පාලනයේ පාරදෘශ්‍යභාවය?

වික්‍රමසිංහලාට විලිලැජ්ජාව කියන දේ නූල් පොටක හරි ගෑවිලා තිබේ නම්, තවත් ඉදිරියට දේශපාලනයේ නිරතවීමට බලාපොරොත්තු වන්නේ නම් මේ බැඳුම්කර නිකුතුව පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්න වලට වහා පිළිතුරු දිය යුතුයි.

ඇතිව තිබෙන රෝගයට බෙහෙත් අවශ්‍යයි. ලෙඩාට වැළදී ඇත්තේ ඔලුවේ අමාරුවක්ද එහෙමත් නැත්නම් පිළිකාවක්ද යන්න තේරුම්ගත යුතුයි. රෝග නිශ්චය අතිශය වැදගත්. පිළිකාවට පැරසිටමෝල් දීමෙන් ඵලක් තිබේද? එය තේරුම් ගෙන රෝගයට නිසි අයුරින් බෙහෙත් කරන්නේ නම් ප්‍රශ්න පැන නොනැගෙනු ඇත.


Comments

comments

Leave a Reply

Top