48
You are here
Home > DEVELOPMENT > ආපදාවට ලක් වූ පෙදෙස්වලට ආපදා කළමනාකරණ කමිටු

ආපදාවට ලක් වූ පෙදෙස්වලට ආපදා කළමනාකරණ කමිටු


ආපදාවට ලක්ව ඇති සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ආපදා තත්ත්වය පිළිබඳව දෛනික වාර්තා එම කමිටු මඟින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිත බවත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව පිහිටුවනු ලබන මෙම හදිසි ආපදා කළමනාකරණ කමිටු ආපදාවට පත් පුද්ගලයන්ගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ආපදාවට ලක් වූ දිස්ත්රිික්කවලට අවශය සහන සැළසීම සඳහා සහාය වන්නැයි ආපදාවට පත් නොවු දිස්ත්රිකක්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව එම දිස්ත්‍රික්කවලින් එක් රැස් කරන ද්‍රව්‍යමය ආධාර ඉදිරි දින කිහිපයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීමට නියමිත බවද අදාල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

Comments

comments

Leave a Reply

Top