35
You are here
Home > POLITICS > බැසිල්ගේ ආගමනයට විමල් එරෙහි වෙයි.

බැසිල්ගේ ආගමනයට විමල් එරෙහි වෙයි.


Wimal-Weerawansaහිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට සුවිශේෂී සංවිධාන හැකියාවක් තිබුනද මහ ජනතාව තුල ඔහු කෙරෙහි ඇති අදහස එතරම් හොඳ නොවන නිසා කරලියට නෑවිත් තිරය පිටුපස සංවිධාන වැඩ කරන්නැයි තමන් ඇතුළු කිහිප දෙනෙකු ඔහු හමුවී ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.

බැසිල් රාජපක්‍ෂ මහතා කරලියේ හැසිරීම තුල ඒකාබද්ද විපක්‍ෂය කරා ඇදෙන සමාජ බලවේග දුර්මුඛ වන්නට බලපානු ඇතැයිද කී ඔහු සද්භාවයෙන් තමන් ඉදිරිපත් කරන මේ යෝජනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරියේදී වැඩි අවධානය යොමු කරනු ඇතැයිද කියා සිටියේය.


Comments

comments

Leave a Reply

Top